නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් යළි විවෘත කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරින්ගෙන් අවසරය ඉල්ලා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්රකාශ කළා.
ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වීමෙන් අනතුරුවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව නැවත දැනුම්දෙනතුරු වසා දැමුණේ පසුගිය සඳුදා දිනයේදීයි.
