නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට
Friday, 24 April 2020 - 15:58 | Views - 793
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් යූ.එල් 1425 දරණ විශේෂ ගුවන් යානය දිවයිනට ළඟා වී තිබෙනවා.
පස්වරු 3.27ටයි එම යානය කටුනායකට ගොඩබස්වනු ලැබුවේ.
මෙම යානය අද පෙරවරු 8ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියා.
කාර්ය මණ්ඩලය 8කින් සමන්විත මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන පස්වරු 1.5ට කත්මණ්ඩු නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබුණා.
හෙට දිනයේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා පිටත්ව යනු ඇති.
Share This Article