භාවිත කරන ඒකකවලට පමණක් විදුලිබිල සැකසේ
Friday, 24 April 2020 - 15:22 | Views - 1,054
පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් අය කරනු ලබන්නේ භාවිත කරන ලද විදුලි ඒකක ප්‍රමාණය අනුව පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ විදුලි බිලට කිසිදු අමතර ගාස්තුවක් එක් නොකරන ලෙසට සහ විදුලිය විසන්ධි කිරිමේ රතු බිල් නිකුත් නොකරන ලෙසට නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව, විදුලි බිල්පත් ගෙවීමේදී වැඩි මුදලක් එක්වර ගෙවීමට සිදුවෙතැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බව ඊට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, විදුලි බිල්පත් ලැබීමෙන් පසු කඩිනමින් මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස ද විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article