තවමත් ලෝකයට අභිරහසක් වූ හැම අතින්ම සමාන බිහිසුණු ඝාතන දෙකක් ගැන, ඇග ලොමු දැහැගැන්වෙන කතාවක්
Friday, 24 April 2020 - 14:43 | Views - 1,006
එක හා සමාන මිනීමැරුම් සිද්ධීන් දෙකක් පිළිබදව එංගලන්තයෙන් වාර්තා වනවා.
 
එම මිනිමැරුම් ද්වීත්වය අතර ඇති පරතරය වසර 157 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අදාළ මිනිමැරුම් ද්වීත්වය සිදු කර ඇත්තේ, තෝර්ටන් නමැති පුද්ගලයෙකු විසින්.
 
මේරි ඇෂ්ෆර්ඩ් සහ බාබරා ෆොරස්ට් යන දෙදෙනාම ජීවිතක්ෂයට පත් ඇත්තේ, මැයි මස 27 වනදායි.
 
1817 වසරේදී මේරි ඇෂ්ෆර්ඩ් ඝාතනයට පත්වූ අතර එහි ප්‍රධාන සැකකරු ලෙස හදුන්වා දෙනු ලබන්නේ, ඒබ්‍රහම් තෝර්ටන් නමැති පුද්ගලයෙක්.
 
එදින ඇෂ්ෆර්ඩ්, හැනි කොක්ස් නමැති මිතුරියක සමග සාදයකට සහභාගී නර්තනයකට ද සහභාගීවි තිබුණා.
 
අනතුරුව ඇය ඒබ්‍රහම් තෝර්ටන් සමග පිටත්ව ගිය බවටයි වාර්තා වන්නේ.
 
පසුදා අලුයම හතරට පමණ, ඇයගේ මළ සිරුර පයිප් හේස් නම් උද්‍යානයක තිබි සොයාගත් බව සදහන්.
 
සිද්ධිය සම්බන්ධයෙන් ඒබ්‍රහම් තෝර්ටන් අත්අඩංගුවට ගත් අතර, එහිදී ඔහු කියා සිටියේ, තමන් ඇය සමග ලිංගිකව එක්වූවත් ඇය මර නොදැමු බවයි.
 
තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි ලබාගැනීමත් සමග තෝර්ටන් නඩුවෙන් නිදහස් කරනු ලැබුවා.
 
වසර අවුරුදු 157 කින් පසුව එවැනිම සිදු වීමක් පයිප් හේස් උද්‍යානයෙන් වාර්තාවී තිබුණා.
 
බාබරා ෆොරස්ට් ගෙල සිරකර මරා දමා තිබු අතර ඇය ද දූෂණයට ලක් කර තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
 
ෆොරෙස්ට් ද ඇයගේ පෙම්වතා සමග අලුයම එක වනතුරු සමාජ ශාලාව නර්තනයක යෙදි සිටි බව ද සදහන් වනවා.
 
ඇයගේ ඝාතන සිද්ධියට වැරදිකරු ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඇයගේ නිවෙසේ සිටි සේවකයෙකු වන මයිකල් ඉයන් තෝර්ටන් නම් පුද්ගලයෙක්.
 
කෙසේ වෙතත් මෙම නඩු ද්වීත්වය තවමත් විසදී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top