කොරෝනා වැළඳිලාද ? පරීක්ෂාවට එක් අයෙකුට රුපියල් 6000ක පිරිවැයක් (වීඩියෝ)
Friday, 24 April 2020 - 13:57 | Views - 1,497
කොරෝනා වෛරස තහවුරු කෙරෙන PCR පරීක්ෂණය සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රජයට වැයවන පිරිවැය රුපියල් 6000කට අධික වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකද ඉදිරියේදී PCR පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මීට පෙර සඳහන් කළේ PCR පරීක්ෂාව සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමේ අරමුණ වන්නේ දිනක පරීක්ෂණ සංඛ්‍යාව 1000දක්වා වැඩිකරගැනීම බවයි.
Share This Article