ස්වයං පෝෂණය කොවිඩ්-19 වසංගතයෙන් උගත් පාඩමක් බව ඉන්දීය අගමැති මෝදි කියයි
Friday, 24 April 2020 - 13:45 | Views - 561
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද එරට ප්‍රාදේශීය පරිපාලනයේ බිම් මට්ටම් ඒකකය වන ග්‍රාම පන්චායත් නායකයන් සමඟ වීඩියෝ සංවාදයකට එක්වුණා.
ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් වෛරසයට එරෙහි ක්‍රියාමාර්ගවලට ඔවුන් දක්වන්නේ සක්‍රීය දායකත්වයක්.
දුප්පත් පවුල්වලට සහ සංක්‍රමණික සේවකයින්ට ආහාර පාන සපයන්නේ ද ඔවුන් විසින්.
ග්‍රාම පන්චායත්වලට එක්ව කටයුතු කිරීම සඳහා වෙබ් අඩවියක් ද අගමැති මෝදි විසින් දියත් කරනු ලැබුවා.
ඔවුන් අමතමින් අගමැති මෝදි අවධාරණය කළේ ස්වයං පෝෂණය, කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාව ගත් මූලික පාඩමක් බවයි.
මේ අතර, කොවිඩ්-19 ආසාදිතයෙකු මිය යාමත් සමඟ ආසියාවේ විශාලතම එළවළු සහ පළතුරු තොග වෙළඳපොළ වන නවදිල්ලියේ අසාද්පූර් මණ්ඩි හි වෙළඳසැල් 300ක් පමණ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මිය ගොස් ඇත්තේ එහි 57 හැවිරිදි වෙළෙන්දෙක්.
එහි එවැනි වෙළදසැල් 2800ක් පමණ ස්ථාපනය කර ඇති අතර ඒවායින් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට දිනපතා පැමිණෙන පිරිස දහස් ගණනක්.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 722 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 23,502ක්.
Share This Article