ස්වයං පෝෂණය කොවිඩ්-19 වසංගතයෙන් උගත් පාඩමක් බව ඉන්දීය අගමැති මෝදි කියයි
Friday, 24 April 2020 - 13:45 | Views - 562
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද එරට ප්‍රාදේශීය පරිපාලනයේ බිම් මට්ටම් ඒකකය වන ග්‍රාම පන්චායත් නායකයන් සමඟ වීඩියෝ සංවාදයකට එක්වුණා.

ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් වෛරසයට එරෙහි ක්‍රියාමාර්ගවලට ඔවුන් දක්වන්නේ සක්‍රීය දායකත්වයක්.

දුප්පත් පවුල්වලට සහ සංක්‍රමණික සේවකයින්ට ආහාර පාන සපයන්නේ ද ඔවුන් විසින්.

ග්‍රාම පන්චායත්වලට එක්ව කටයුතු කිරීම සඳහා වෙබ් අඩවියක් ද අගමැති මෝදි විසින් දියත් කරනු ලැබුවා.

ඔවුන් අමතමින් අගමැති මෝදි අවධාරණය කළේ ස්වයං පෝෂණය, කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාව ගත් මූලික පාඩමක් බවයි.

මේ අතර, කොවිඩ්-19  ආසාදිතයෙකු මිය යාමත් සමඟ ආසියාවේ විශාලතම එළවළු සහ පළතුරු තොග වෙළඳපොළ වන නවදිල්ලියේ අසාද්පූර් මණ්ඩි හි වෙළඳසැල් 300ක් පමණ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ එහි 57 හැවිරිදි වෙළෙන්දෙක්.

එහි එවැනි වෙළදසැල් 2800ක් පමණ ස්ථාපනය කර ඇති අතර ඒවායින් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට දිනපතා පැමිණෙන පිරිස දහස් ගණනක්.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 722 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 23,502ක්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top