කොවිඩ් වෙනුවෙන් වෙන්දේසි කළ ශකිබ්ගේ පිත්තට ඩොලර් 24,000ක ආදායමක්
Friday, 24 April 2020 - 13:21 | Views - 896
බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක ශකිබ් අල් හසන් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් එරට වැසියන් වෙනුවෙන් සිය පිත්ත වෙන්දේසි කර ඩොලර් 24,000ක් උපයා තිබෙනවා.
පසුගිය වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශකිබ්, ලකුණු 606ක් රැස් කළේ එම පිත්ත යොදා ගනිමින්.
එය මිලදී ගෙන ඇත්තේ නිව්යෝක් හි පිහිටුවා ඇති පුණ්‍යායතනයක සම නිර්මාතෘවරයා වන බංග්ලාදේශ ජාතිකයෙක්.
ලොව තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මුල් තැන හිමිකරගෙන සිටි ශකිබ් අල් හසන් මේ වන විට වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්ව සිටිනවා.
ඒ, ඔට්ටු තබන්නන් කණ්ඩායමක ප්‍රවේශය පිළිබදව වාර්තා කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.
Share This Article