පොළොන්නරුවේ ප්‍රසිද්ධ සහල් මෝල් ලොරි රියදුරෙකු සහ එහි සහායක කොරෝනා පරීක්ෂාවට
Friday, 24 April 2020 - 12:33 | Views - 1,271
පොළොන්නරුවෙන් වාර්තා වූ නාවික හමුදා භටයා දඹුල්ලේ සිට හිගුරක්ගොඩ දක්වා පැමිණි ලොරි රථයේ රියදුරු සහ සහායක PCR පරීක්ෂාව සඳහා පොළොන්නරුව රෝහල වෙත යොමුකර තිබෙනවා.
එම ලොරි රථය පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් මෝල් හිමිකරුවෙකුට අයත් බවටයි තොරතුරු වාර්තාවන්නේ.
මෙලෙස PCR පරීක්ෂාව සඳහා යොමුකර ඇති රියදුරු හිඟුරක්ගොඩ ආර් බී 3 කළාපයේ පදිංචිව සිටි අයෙක්.
මේ අතර ඔවුන්ගේ නිවෙස්වල පිරිස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවයි පොළොන්නරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.
Share This Article