දඹුල්ල - ඉබ්බන්කටුව ප්රදේශයේ රිය අනතුරකින් අයෙක් මරුට
Friday, 24 April 2020 - 11:52 | Views - 527
ඹුල්ල - ඉබ්බන්කටුව - පැල්පත ප්රදේශයේදී ඊයේ රාත්රියේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
දඹුල්ල ප්රදේශයේ සිට ගලේවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී ගලේවෙල දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, එහි පැදිකරු සහ පසු පැදිකරු ලොරි රථයේ ගැටී ඇති බව සඳහන්.
අනතුරුව පසුපැදිකරු මිය ගොස් ඇති අතර, එය පැදවූ පුද්ගලයා සහ ඉදිරියෙන් පැමිණි යතුරුපැදිකරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුරෙන් මිය ගිය පුද්ගලයා මාන්කේනි ප්රදේශයේ පදිංචි 18 හැවිරිද අයෙකු බවයි ගලේවෙල පොලීසිය ප්රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article