දඹුල්ල - ඉබ්බන්කටුව ප්‍රදේශයේ රිය අනතුරකින් අයෙක් මරුට
Friday, 24 April 2020 - 11:52 | Views - 528
ඹුල්ල - ඉබ්බන්කටුව - පැල්පත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

දඹුල්ල ප්‍රදේශයේ සිට ගලේවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ගලේවෙල දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, එහි පැදිකරු සහ පසු පැදිකරු ලොරි රථයේ ගැටී ඇති බව සඳහන්.

අනතුරුව පසුපැදිකරු මිය ගොස් ඇති අතර, එය පැදවූ පුද්ගලයා සහ ඉදිරියෙන් පැමිණි යතුරුපැදිකරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරෙන් මිය ගිය පුද්ගලයා මාන්කේනි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිද අයෙකු බවයි ගලේවෙල පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top