එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගමන්කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි
Friday, 24 April 2020 - 11:26 | Views - 4,223
ගාල්ල දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ගමන්ගත් මෝටර් රථය බද්දේගම අධිවේගී මාර්ගයට ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් ලිස්සා ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද සඳහන්.
මන්ත්‍රීවරයා නාගොඩ ප්‍රදේශයේ සිට බද්දේගම වෙත පැමිණෙමින් සිටියදීයි මෙලෙස මෝටර් රථය අනතුරට ලක්ව ඇත්තේ.
අනතුරින් මෝටර් රථයට සහ විදුලි කණුවට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මේ අතර අනතුර සිදුවූ අවස්ථාවේ නාගොඩ-බද්දේගම ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
අනතුරුව විදුලිබල මණ්ඩල සේවකයන් පැමිණ විදුලි කනුව ඉවත්කර නැවත මාර්ගයේ ගමනා ගමනය යථාතත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article