කොරෝනාවෙන් පීඩා විඳින, කුඩා දරුවෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි
Friday, 24 April 2020 - 10:24 | Views - 515
සිව් හැවිරිදි දරුවෙකු කොරෝනා වෛරසය හා සටන් වදින, අතිශය සංවේදී වීඩියෝ දර්ශන පෙළක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.
 
මේ පුවත වාර්තා වන්නේ, මේ වන විට කොරෝනා-වෙන් දැඩි බලපෑමක් එල්ලව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයෙන්.

වෛද්‍යවරයෙකු විසින් මුලින්ම සමාජ මාධ්‍යයට එක් කර ඇති මෙම වීඩියෝවේ සිටින කුඩා දරුවා නමින්, ලින්කන්. (Lincoln).
 
මේ දරුවා හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළෙන අතර ඔහු සිය මවගෙන් කාරුණික ආයාචනයක් සිදු කරනවා.
 
"අම්මේ මට මේක හරි යන් නැහැ අම්මේ. මට ඒ තරම් හොඳක් දැනෙන් නැහැ. අම්මේ.. මේකෙන් වැඩක් නෑ. මට ගෙදර යන්න වෙන එකක් නෑ..."
 
ලින්කන් කුඩා දරුවා වෛරසයේ ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගෙන ඇත්තේ මාර්තු 21 වැනි දිනයි.
 
කිහිප වතාවක්ම ඔහුට කිවිසුම් ගොස් තිබූ නමුත් එය යම් අසාත්මිකතාවක් වන්නට ඇතැයි දෙමව්පියන් අනුමාන කර තිබෙනවා.
 
"පසුදා ඔහුට සුළු කැස්සක් ඇති වුණා. මම ඒ ගැන එච්චර හිතුවේ නැහැ. මම හිතුවේ ඒ හීතල නිසා වෙන්නැති කියලා.." ලින්කන්ගේ මව කියනවා.
 
මාර්තු 27 වෙනිදා කුඩා ලින්කන්ට අධික උණ හටගෙන තිබුණා. එය සටහන් වුණේ 104.5ක් ලෙසයි.
 
අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ගෙන යන මේ දරුවාට හැකි සියලු ප්‍රතිකාර ඔවුන් විසින් සිදු කරනු ලබනවා.
 
මාර්තු මස 30 වැනි දින ලින්කන් රෝහලට ඇතුළු කරන අතර ඔහුට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම කඩිනමින් සිදු කළ යුතුව තිබුණේ ඔහු එපමණක් අපහසුවෙන් පසුවු නිසාවෙනුයි.
 
"ඔහු හුස්ම ගත්තේ අමාරුවෙන්. ඔහු පපුවේ, උදරයේ හා බෙල්ලේ ඇති සියලුම මාංශ පේශී භාවිතා කරමින් ඒ සඳහා උත්සහා කළා.." යැයි ලින්කන්ගේ මව සිය බ්ලොග් අඩවියේ විස්තර කර තිබුණා.
 
රෝහලේ ගත කළ දෙවන බිහිසුණූ රාත්‍රීයේ ලින්කන්ට කොවිඩ්-19 වැළඳී ඇති බව තහවුරු වුණා.
 
මේ පුවත ඇසූ ඔහුගේ මාපියන් දැඩි භීතියට මෙන්ම කනස්සල්ලට පත්වුණා.
 
"අනේ මට ඔහුට චොකලට්, කිරි හෝ අයිස්ක්‍රීම් දෙන්න බැහැ. එයා මගෙන් උදේ පාන්දර අහනවා, 'අම්මේ ඔයා මගෙන් චොකලට් හංඟනවද' කියලා.."
 
ඇය නැවත අප්‍රේල් 4 වැනි දින වීඩියෝවක් සිය බ්ලොග් අඩවියට එක් කරන අතර ඒ වන විට ලින්කන් සුවපත් වෙමින් සිටියා.
 
සාමාන්‍ය අතට හැරි ඇති නමුත්, ඒ වන විටත් ඔහු "දරුණු කැස්සෙන්" පීඩා විඳිනු දක්නට ලැබුණා.
 
ඇය පැවසුවේ ඔහු දිනකට පැය 16ක් නිදා සිටි බවයි.
 
හයවන දිනය වන විට ලින්කන් වඩාත් හොඳ තත්ත්වයක පසුවුණා.
 
"අපේ පුතාට කොරෝනා හැදුණා කියලා, කවුරුත් අපිට දොස් පැවරුවේ නැහැ. අපිව ලැජ්ජාවට පත් කළෙත් නෑ. ඒ අයගේ ඒ හැඟීම දිගටම තියේවී කියලා මම බලාපොරොත්තු වෙනවා.." ලින්කන්ගේ මව කියනවා. ඇය පවසන්නේ තම පුතු දැන් කොරෝනාවේ භයානක තැන් අත්හැර පෙර තත්ත්වයට පැමිණ ඇති බවයි. (ලින්කන් සිය මව සමඟ ඒ ගැන කියන වීඩියෝව පහතින්..)
 
"කරුණාකරලා ආරක්ෂිතව ඉන්න. නිරෝගීව ඉන්න. මේ වෛරසයේ බැරැරූම්කම තේරුම් ගන්න. මේක විහිළුවක් නෙවෙයි.."

Dailymail ඇසුරිනි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top