වැල්ලවාය - ඇතිලිවැව දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
Friday, 24 April 2020 - 10:10 | Views - 722
වැල්ලවාය - ඇතිලිවැව - මහආරගම ප්රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කුඩාඔය ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
සැකකරු සිය අනියම් බිරිඳගේ නිවසට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්රහාරයට ලක්ව ඇති අතර, එය සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article