වැලිසර නාවික කඳවුරේ 30කට කොරෝනා ආසාදනය වූ තැන
Friday, 24 April 2020 - 10:03 | Views - 4,552
මෙරටදී දිනක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 38 දෙනා සමඟ මේ වනවිට දිවයිනෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලොන්නරුව ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාදිත සෙබලා ඇතුළුව සෙබළුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිත සෙබලා සමඟ සබඳතා පැවැත් වූ සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ මත්ලෝලීන් නිරෝධායනයට යොමු කිරීමේ මෙහෙයුමේදී මෙලෙස ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 254 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටත්ව ගොස් සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 107 ක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top