ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට 50,243ක් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
එරට මුළු ආසාදිත සංඛ්‍යාව ද අට ලක්ෂ 80,000 ඉක්ම වන අතර, ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,500 ඉක්ම වූවා.
මීට අමතරව ස්පාඤ්ඤයෙන් කොවිඩ් නයින්ටීන් මරණ 22,000ක්, ප්‍රංශයෙන් 21,800ක් සහ බ්‍රිතාන්‍යයෙන් 18,738ක් වාර්තා වුණා.
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන ආසාදිතයින් ගණන 23, 039ක් වන අතර එරට මරණ ගණන 721 ක් බවයි වාර්තා වන්නේ.
මේ අතර කොරෝනා තිඹීරිගෙය වූ චීනයෙන් නව ආසාදිතයින් 6 දෙනෙකු පමණක් හමුවී ඇති අතර එරටින් මරණ කිසිවක් වාර්තා නොවීම ද විශේෂත්වයක්.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ධවල මන්දිරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, කොවිඩ් 19 ඇමරිකාව ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයක් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා නිසි කාලයේදී තොරතුරු ලබාදීමට අපොහොසත් වූ චීනය වෛරසයේ බලපතලභාවය ලොවට වසන් කිරීමට නිරතුරුව උත්සාහ දැරූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසනවා.
මේ අතර, ඇමරිකාවේ වෛරස ව්‍යාපෘතියේ අපකේන්ද්‍රය බවට පත්ව තිබෙන නිව්යෝර්ක් නුවර බ්‍රෝන්ස් සත්ත්ව උද්‍යානයේ ව්යාඝ්රයින් 7 දෙනෙකුට සහ නිව්යෝර්ක් නුවර ගෘහස්ථ බළලුන් දෙදෙනෙකුට ද මාරාන්තික වෛරසය ආසාදනයවී ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.
මෙම මාරාන්තික වෛරසය තව බොහෝ කාලයක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
"කිසිඳු අයුරකින් අතපසුවීමක් වෙන්නට ඉඩ තබන්න එපා. අපට තව බොහෝ දුරක් යා යුතුයි. මෙම මාරාන්තික වෛරසය තව බොහෝ කාලයක් පැවතිය හැකියි..."
කොවිඩ් 19 ලොව බොහෝ රාජ්‍යයන්ගේ ආර්ථිකයට මෙන්ම සාමාජීය වශයෙන් ද දැඩි බලපෑම් එල්ල කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු රාජ්‍යයන් මේ මොහොතේ දී විනිවිදව මෙන්ම වගකීමෙන් ද කටයුතු කළ යුතු බවයි.
"වෙන කවරදාටත් වඩා මේ මොහොතේ දී රජයන් විනිවිදව කටයුතු කළ යුතුයි. ඒ වගේම ප්‍රතිචාර දැක්විය යුතුයි. මෙය වෛරස අවධානමක් මිස පුද්ගලයින්ගෙන් එල්ල වන අවධානමක් නෙවෙයි..."
