ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට නේපාලයට ගුවන් යානයක්
Friday, 24 April 2020 - 9:26 | Views - 616
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් අතරමංව සිටින මෙරට සිසුන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
යූ.එල් 1424 දරණ එම යානය අද පෙරවරු 8ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත් වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහි කාර්ය මණ්ඩලය 8කින් සමන්විතයි.
ශ්‍රී ලන්කන් සිසුන් රැගත් එම ගුවන් යානය පස්වරු 1.5ට කත්මණ්ඩු නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර එය පස්වරු 4.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතයි.
හෙට දිනයේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා හෙට පිටත්ව යනු ඇති.
Share This Article