ඇඳිරිය මැද, දඹුල්ල ගමක් කම්පා කරමින්, තියුණු ආයුධයකින් පහර කෑ කාන්තාවක් අවසන් ගමනේ - තවත් කාන්තාවක් රෝහලට
Friday, 24 April 2020 - 9:10 | Views - 1,311
දඹුල්ල, වැලිහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු විසින් කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
ඊයේ (23) සවස සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල, වැලිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක්.
අඹුසැමි යුවලක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article