මෙරට ඇඟළුම් කර්මාන්ත ශාලා 100ක හාම්පුතුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Friday, 24 April 2020 - 8:55 | Views - 1,401
ශ්‍රමිකයින් පන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රැකියාවේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා සියයක පමණ හාම්පුතුන් තම සේවකයින්ට මේ මස වැටුප ලබාදිය නොහැකි බව කම්කරු දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබෙනවා.
ඔවුන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් එම්.පී.ටී. කුරේ කියා සිටියේ පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම වසරේ එම මාසය තුළ ඇඟලුම් නිෂ්පාදනයද විශාල ලෙස පහත වැටී ඇති බවයි.
පසුගියදා යුනිසෙෆ් සංවිධානය, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත දැනුම්දී තිබුණේ කොරෝනා මර්දන කටයුතු සඳහා අවශ්‍ය මුහුණු ආවරණ ලක්ෂ 15ක් පමණ සතියකට ලබාගත හැකි බවයි.
කෙසේ වෙතත්, මේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට ගැටලු මතුවී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article