උහන සහ දමන ඇඳිරි නීතිය ඉවත්කරයි - ඇතුළුවීමට සහ පිටවීමට තවදුරටත් සීමා
Friday, 24 April 2020 - 8:17 | Views - 891
අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට තාවකාලිකව පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කරන නාවික හමුදා සෙබළුන් කිහිප දෙනෙකු නිවාඩු සඳහා ගොස් සිටින අම්පාර දිස්ත්‍රික්කයට අයත් උහන සහ දමන පොලිස් බල ප්‍රදේශවලට ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව සීමා කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඒ බව තහවුරු කළා.
Share This Article