කොවිඩ්-19 අරමුදලේ ශේෂය රු. මිලියන 848 දක්වා ඉහළට
Friday, 24 April 2020 - 8:01 | Views - 462
කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වනවිට රුපියල් මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම, ඍජු තැන්පතු සමග මෙලෙස ශේෂය ඉහළ ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ ආරම්භ කර තිබෙනවා.
කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමෙන් පසුව එහි පළමු හමුව ඊයේ සිදුවූයේ එහි සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
සියලු පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article