COVID-19 පලවා හරින්න පුළුවන් ප්‍රතිදේහ තියෙන්නේ ලෝක ජනගහනයෙන් සියයට 2-3කටයි
Friday, 24 April 2020 - 7:25 | Views - 2,878

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයිද, දරුණුම තත්ත්වයට පැමිණීමට තිබෙන්නේ ඉදිරියේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟව්වා.
'ලොක්ඩවුන්' හෙවත් රටම වසා දැමීමේ හෝ වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති දැඩි සීමා හෝ ලිිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවසුවා.
ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිය පසුගිය 20 වැනිදා මේ බව සඳහන් කර තිබුණා.
ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග් ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති 'ග්ලයිකෝප්‍රෝටීන' අණුව වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වෛරසය හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තීකරණය ඇති කරනු ලබනවා.
ඒ අනුව ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
Share This Article