දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Friday, 24 April 2020 - 6:43 | Views - 486
දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම,වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලටත් අද පස්වරු 2ට පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සබරගමු මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මිදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකිය.
Share This Article