ඇඳිරිය මැද වැටලීමකට ගිය, වනජීවි නිලධාරිවරයාට වෙඩි පත්තු වෙයි - ගමක් කැළඹූ ඝාතනයේ සැකකරුවන් ඇල්ලූ හැටි මෙන්න
Thursday, 23 April 2020 - 22:19 | Views - 2,980

ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එය උල්ලංඝනය කළ පුද්ගලයින් 36,115 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
එම කාලයේදී පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 10,000 කට ආසන්නයි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා පනවා ඇති පොලීස් ඇඳිරි නීතිය අදත් පෙරවරු 5.00ට තවකාලීකව ඉවත් කෙරුණා.
අදත් එම ප්‍රදේශවල ජනතාව සිය අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගරවලට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල එය උල්ලංඝනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු 6දක්වා ගතවු කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 687ක්.
මේ අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහජන සාමය පවත්වාගෙන යාම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ආරක්ෂක ක්රියාදාමයේ දිගුවක් ලෙසයි.
මේ අතර නිවාඩු දිනයන්හී රාජකාරියේ නිරත වීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීට ලබා දුන් දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.
යාපනය,වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී කුඩා බෝට්ටුවක් මගින් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල රුපියල් කෝටි එකහාමරකට අධික කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
ඇල්පිටිය, කැටපොළ හන්දිය ආසන්නයේදී ගංජා කිලෝග්‍රෑම් දහයක් මෝටර්රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය පොලිසිය සමත් වුණා.
මේ අතර දඹගල්ල ගල්ඔය ජාතික වන උද්‍යානයේ වැටලිමක් අතර තුර දඩයම් කරුවන් පිරිසක් විසින් සිදුකල වෙඩි තැබිමකින් ඉගිනියාගල වනජිවි කාර්යාලයට අනුයුක්ත වනජිවි නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර අම්පාර - සමන්තුරේ සෙන්නල් ග්‍රාමම් ප්‍රදේශයේදීද ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 9ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධි මත් පැන් ජාවාරමේ නියලුනු පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ කටයුතු කළා.
මේ අතර දකුණු පළාත තුල ඇලි සුරාසැල් සඳහා මුද්‍රා තැබීමට දකුණු පළාත් සුරාබදු නිලධාරීන් තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව එම පළාතේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් මුද්‍රා තැබීමට මෙලෙස පියවර ගත්තා.
ඇඳිරි නීතිය පැවති කාලය තුළ කොස්ගම නගරයේ නවතා තිබු ත්‍රිරෝද රථයක් සොරකම් කර රුගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන් වි තිබුණා.
සෞඛ්‍ය උපදෙස් නොතකමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ ඇතැම් පුද්ගලයින් වෙළඳාම් කටයුතු නිරත වන ආකාරය අදත් දක්නට ලැබුණා.
කොවිඩ් 19 ව්‍යප්තියත් සමග පිටකොටුව මැනිං වෙළෙඳ පොළ වසා දැමීම හේතුවෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළෙඳාම සිදුවනවා.
එම කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන් එහි පැමිණියා.
මේ අතර අලෙවි කර ගැනීම නොහැකිව තිබෙන ප්‍රදේශයේ ගොවීන්ගේ එලවලු හා පළතුරු තොග ප්‍රවාහනය කර අලෙවි කර දිමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
අඩු ආදායම්ලාභීන් ඇතුළු පාර්ශ්ව වෙත රජය විසින් රුපියල් 5,000 දීමනාව ප්රදානය කිරීම අද දිනයේත් ක්‍රියාත්මක වුණා.
මේ ජාඇල - ඒකළ ප්‍රදේශයේදී ක්‍රියාත්මක වූ එම වැඩසටහනේදී පොලිසිය මැදිහත්වී ජනතාව අතර දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළ ආකාරයයි.
අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තල්ගස්පිටිය මුස්ලිම් ගම්මානයේ එම වසමට අයත් ග්‍රාම නිලධාරි කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇති වුයේ රජය මගින් ලබාදෙන රුපියල් 5000 මුදල අදාල නිලධාරින් විසින් ප්‍රතිලාභින්ට ලබා නොදිමේ සිද්ධියක් මුල්කර ගනිමින්.
වතුකරයේ පිඩාවට පත් ජනතාවටද අදත් ස්ථාන කිහිපයකදිම රුපියල් 5000සේ දිමනාව ලබාදිමට කටයුතු කර තිබුණා.
පානදුර ප්‍රාදේහිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුජිත් ප්‍රියංකර මහතා පානදුර පිංවත්ත ප්‍රදේශයේදි පහර කෑමකට ලක්ව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා අයදුම් කර තිබූ එම ප්‍රදේශයේ කාන්තාවකට ඇති වූ ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා ගොස් නැවත පැමිණ අතරතුර පිය පුතු දෙපළක් තමන්ට පහරදුන් බව ඔහු පවසනවා.
සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය නොකරමින් ප්‍රවාහන කටයුතු සිදු කරන මගී ප්‍රවාහන බස් රථ සොයා තංගල්ල පොලීසිය මෙහෙයුම් දියත් කළා.
එහිදී මගීන් සංඛ්‍යාව වැඩි බස්රථවල සිටින මගීන් වෙනත් බස් රථ වෙත යොමු කෙරුණා.
වෙන්නප්පුව ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාවට රු. 5000 මුදල ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අවස්ථාවේ දංකොටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරියකට, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් සහ ඇගේ සැමියා විසින් රාජකාරියට බාධා කළ බව පවසමින් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරුන් අද සිය විරෝධය පළ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරියගේ සැමියා අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්ෂ 10 ශරීර ඇපමත නිදහස් කර තිබෙනවා.
මේ අතර ප්‍රමාණවත් බස්රථ නොමැතිවීමෙන් ඊයේ පස්වරුවේ ගාල්ල බස්නැවතුපොළේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටියා.
මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ කර තිබෙනවා.
රජයේ නියෝග නොතකා අනුරාධපුර - පුබුදුපුර ප්‍රදේශයේ උසස් පෙළ උපකාරක පංතියක් පැවැත්වූ උපකාරක පංතිගුරුවරයා සහ පංතිය පැවැත්වීම සඳහා නිවස ලබාදුන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගැනුණා.
අනුරාධපුර ශීක්ෂණ රෝහල ඉදිරිපිට පවත්වාගෙන යන ස්ථිර සහ තාවකාලික සියලුම ආපනශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරණ වෙළෙඳසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට අද පියවර ගැනුණා.
මිළ දර්ශන ප්‍රදර්ශනය නොකරමින් ගම්පහ ප්‍රදේශයේ වෙළඳාම් කටයුතු වල නිරත වූ වෙළෙඳුන් සොයා ගම්පහ පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කළා.
මේ අතර ගම්පහ - මල්වතු හිරිපිටිය - මහර සමූපකාර සමිතියට අයත් අලෙවිසැලක සැමන් සහ පරිප්පු ලබා ගැනීම සඳහා රුපියල් 500 ක භාණ්ඩ ලබා ගැනීම අනිවාර්ය කර තිබූ අතර ගම්පහ පාරිභෝගික අධිකාරිය එය වටලනු ලැබුවා.
බුත්තල ප්‍රදේශයේ ජීවත්වන මෙම කාන්තාවගේ සැමියා සහ පුත්‍රයා කොළඹ නගරයේ රැකියාවේ නිරත වන අතර ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඔවුන් නැවත නොපැමිනීම හේතුවෙන් ඇය පත්ව ඇති අපහසුතාව මෙලෙස විස්තර කළා.
මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මහල් නිවාසයන්හී ජීවත් වන ජනතාවගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා ඊයේ පස්වරුවේද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර මේ කොම්පඤ්ඤ විදිය මෙට්ට්‍රෝ මහල් නිවාස සංකිර්ණය ඉදිරිපට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවැත්වූ සංගීත සංදර්ශනයයි.
Share This Article