ඇඳිරි නීතිය නොමැති අවස්ථාවල නිරෝධායන නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය
Thursday, 23 April 2020 - 17:48 | Views - 1,723
ඇඳිරි නීතිය නොමැති කාලය තුළ නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරන පිරිස්වලට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරා ඇතැයි පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ ඇඳිරි නීතිය ඉවත් කළ ද එම ප්‍රදේශවල තමාට අවශ්‍ය ආකාරයෙන් හැසිරීමට නොහැකි බවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළකළා.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලසීමාවන්වලදී සමාජ දුරස්ථ භාවය රඳවා තබා ගැනීම ඉතාමත් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොදු ප්‍රවාහන සේවාවලදී ද ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර ඇඳිරි නීති කාලය තුළ එය කඩ කළ පුද්ගලයන් 36115ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව දස දහසක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයන්ට  එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි ද ඔහු කියාසිටියේ.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට හෝ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ හොත් නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top