කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කළ රෝගීන් 5 දෙනෙකු අද දිනයේ මේ වන විට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම වාර්තාවී ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවාසවල නිරෝධායනයට ලක්ව සිටින පිරිස අතරින් බවයි ඔහු සඳහන් කළේ.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335ක්.
මේවන විට රෝගීන් 222 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ආසාදිතයන් 105 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.