කොවිඩ් 19 අභියෝගය ගැන ජර්මන් චාන්සලර්වරියගෙන් ප්‍රකාශයක්
Thursday, 23 April 2020 - 16:51 | Views - 616
දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ජනතාවගේ ජීවිතය සහ සෞඛ්‍ය සම්බන්ධ විශාලතම අභියෝගය කොවිඩ් 19 වෛරසය බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා.
යුරෝපීය සංගම් නායකයින් සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.
උපරිම විනයකින් යුතුව ඉදිරියට යාමෙන් යළි ආරක්ෂිතව ජීවත්විය හැකි බව ඇය එහිදී අවධාරණය කර තිබෙනවා.
Share This Article