අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 4 දෙනාගේ තොරතුරු එළියට එයි
Thursday, 23 April 2020 - 15:19 | Views - 1,321
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මෙම රෝගීන් සිව්දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේ.
ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 334 ක්.
ඉන් 91 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.
44 දෙනෙකු කාන්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී දිවයිනේ රෝහල් 6 ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 218ක්.
Share This Article