ඉන්දියාවේ සිරවී සිටි ශ්රී ලාංකික සිසුන් රැගත් ගුවන්යානය දිවයිනට
Thursday, 23 April 2020 - 14:50 | Views - 723
ඉන්දියාවේ සිර වී සිටි ශ්රී ලාංකික සිසුන් 101 දෙනා රැගත් ශ්රී ලංකන් ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙනවා.
පස්වරු 2.30ට පමණයි මෙම යානය දිවයිනට පැමිණ ඇත්තේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටි මෙම සිසුන් රැගෙන ඒම සදහා ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය එරට බලා පිටත්ව ගියේ අද පෙරවරුවේයි.
උදෑසන 6.15 ට පමණ යූ.එල්. 1145 දරණ ගුවන් යානය ඉන්දියාවේ අම්රිට්සාර් බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලූ සමස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකු සමගින්.
සිරවී සිටින ශ්රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවය මීළඟට නේපාලය බලා ගුවන් ගමනක් සැලසුම් කර තිබෙනවා.
Share This Article