ලබන 28 ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත් භාර දෙන්නැයි සහතික කිරීමේ නිලධාරීන්ට උපදෙස්
Thursday, 23 April 2020 - 14:12 | Views - 549
සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියලූම තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර අදාළ දිස්ත්රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස 17 වනදා වනවිට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ආවරණ ලිපියක් සමඟ දිස්ත්රික් ලේකම් කාර්යාල හෝ මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙසයි.
Share This Article