ලෝකයේම ආදරය දිනු කළු ගැහැණිය, මිෂෙල් ඔබාමා ඇමරිකානු උප ජනාධිපති සටනට ?
Thursday, 23 April 2020 - 13:58 | Views - 1,009

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ගේ උප ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා මිෂෙල් ඔබාමා තෝරා ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන මාධ්‍ය පෙන්වා දෙනවා.
හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන ඇය එම තනතුරට සුදුසුම පුද්ගලයා බවට ජෝ බයිඩන් මේ වන විටත් ප්‍රකාශ කර ඇති බවයි සදහන් වන්නේ.
ජෝ බයිඩන් 2009 වසරේ සිට 2017 වසර දක්වා ඇමරිකානු උප ජනාධිපති ධුරය දැරූ අතර එවකට ජනාධිපතිවරයා වුයේ බැරක් ඔබාමායි
1964 ජනවාරි 17 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හි ඉලිනෝස් ප්‍රදේශයේ උපත ලැබූ මිෂෙල් ඔබාමා වෘත්තියෙන් නීතීඥවරියක් . 1992 දී බැරක් ඔබාමා සමග විවාහ වුනු මිෂෙල් දියණියන් දෙදෙනකුගේ මවක් වන අතර බැරක් ඔබාමාගේ ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටිමින් ඔහුව ජයග්‍රහණය කර ගෙනයාමේ සෙවනැල්ල වුයේ ඇයයි.
ඇමරිකානු ජනතාව අතර ජනප්‍රියම චරිතයක් වන ඇය 2018 හා 2019 වසරවලදී ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම ගෞරවාදරයටපත් කාන්තාව බවටද පත් වුවා.
ජෝ බයිඩන් 77 වන වියෙහි පසුවන අතර එම නිසා 56 හැවිරිදි මිෂෙල් වැනි චරිතයක් එරට මෙහෙයවීම සඳහා ඔහුගේ සහයට අත්‍යවශ්‍යවේ. විශේෂයෙන්ම ට්‍රම්ප් වැනි පුද්ගලයකු හා තරගයේදී මිෂෙල් වැනි කාන්තා චරිතයකින් බයිඩන් හට ලැබෙන ආකර්ෂණය සුළු පටු නැති බවත් සදහන් කර තිබෙනවා. එසේම ඇමරිකානු කාන්තාවන්ගේ ඡන්ද ආකර්ෂණය කරගන්නටද ඇමරිකානු කළු ජාතිකයින්ගේ ඡන්ද ආකර්ෂණයට ද මිෂෙල් ඔබාමා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවයි අනාවැකි පළකරන්නේ.
මේ නිසා බයිඩන් විසින් මිෂෙල් ඔබාමා මේ සඳහා තෝරා ගතහොත් සැබවින්ම මෙවර 2020 ඇමරිකානු ජනාධිපතිවරණ සටන ට්‍රම්ප් හා මිෂෙල් ඔබාමා අතර සටනක් වී මීළඟ ඇමරිකානු ජනාධිපති පදවියට ජෝ බයිඩන් පත්වීමට ඉඩකඩ වැඩි වනු ඇති බවත් සදහන්.
Share This Article