ඉන්දියාවේ සිර වී සිටින ශ්රී ලාංකික සිසුන් 101 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණෙමින් සිටිනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටින ශ්රී ලාංකික සිසුන් 101 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් එරට බලා පිටත්ව ගියේ අද පෙරවරුවෙයි.
උදෑසන 6.15 ට පමණ යූ.එල්. 1145 දරණ මෙම ගුවන් යානය ඉන්දියාවේ අම්රිට්සාර් බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලූ සමස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකු සමඟයි.
මෙම යානය පස්වරු 2.55 ට යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
සිරව සිටින ශ්රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවය ඊළඟට නේපාලය බලා ගුවන් ගමනක් සැලසුම් කර තිබෙනවා.
ඉන්දියාවේ සිට රැගෙන එන සිසුන් ශ්රී ලන්කන් ගුවන් යානය තුළ ගත් ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප පහතින්.