ජර්මනිය කොරෝනාවලට එරෙහි එන්නතක් අත්හදාබැලීමට සැරසේ
Thursday, 23 April 2020 - 10:36 | Views - 586
ජර්මනිය පළමුවරට ජනතාව යොදාගනිමින් කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් අත්හදාබැලීමට සූදානම් වනවා.
නිරෝගී වයස අවුරුදු 18 ත් 55 ත් අතර පුද්ගලයින් යොදාගනිමිනුයි ඔවුන් මෙම එන්නත අත්හදාබැලීමට සූදානම් වන්නේ.
ඒ අනුව මෙලෙස කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් අත්හදාබලන හතරවන රට වන්නේ ජර්මනියයි.
මීට පෙර ඇමරිකාව මෙලෙස පුද්ගලයින් යොදාගනිමින් එන්නතක් අත්හදාබැලූ අතර, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය මගින් වැඩිදියුණු කරන ලද එන්නතක් අද සිට සායනිකව අත්හදාබැලීමට නියමිතයි.
ජර්මනියේ ගතවූ පැය 24 තුළ නව මරණ 229 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 5,315 ක් දක්වා ඉහළ ගියා.
එරටින් නව ආසාදිතයන් 2,195 ක් වාර්තාවී ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 50,648 ක්.
Share This Article