කොළඹ සිට ලොරි රථවලින් යාපනයට පැමිණි හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට
Thursday, 23 April 2020 - 9:53 | Views - 547
කොළඹ සිට ලොරි රථවල නැගී යාපනය වෙත පැමිණි බවට හඳුනාගත් පුද්ගලයින් හත් දෙනා හදුනාගෙන අදාළ පිරිස ඊයේ(22) සවස සිට ස්වයං නිරෝධායනය වෙත යොමුකොට ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති පවසනවා.
කොළඹ සිට ලොරි රථවල නැගී අවසරයකින් තොරව පුද්ගලයින් හත් දෙනෙකු යාපනය වෙත පැමිණීමේ සිදුවීම සම්බන්ධයෙන් සත්යමූර්තිගෙන් විමසීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඔහු පැවසූවේ ආරක්ෂක අංශ,යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය හරහා සිදුකළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව අදාළ කණ්ඩායම හදුනාගෙන නිවෙස් තුළ ස්වංය නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවයි.
කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ වෙනුවෙන් යොමුවු පිරිසක් කිසියම් මාර්ගයකින් ලොරි රථවල නැගී යාපනය වෙත පැමිණ ඇති බව යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබුණා.
අදාළ කණ්ඩායම ආරක්ෂක අංශ හා සෞඛ්‍ය සේවාවන්ගේ දැඩි පරීක්ෂාව යටතේ ස්වංය නිරෝධායනය වෙනුවෙන් යොමු කොට ඇති අතර, හඳුනාගත් පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාවන් පසු විපරම් සිදුකරමින් සිටින බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
Share This Article