වවුනියාවට තද වැසි - සුළඟින් නිවාස කිහිපයකට හානි
Thursday, 23 April 2020 - 9:03 | Views - 474
වවුනියාව ප්රදේශයට ඊයේ පස්වරුවේ ඇතිවූ තද වැසි සමඟ ඇතිවූ සුළං තත්වය හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.
මේ අතර තාණ්ඩිකුලම් ප්රදේශයේදී වෙළඳසැළක් මතට ගසක් කඩාවැටී ඇති අතර ඒ අසල නවතා තිබූ ලොරි රථයකටද ඉන් හානි සිදුව තිබෙනවා.
මීට අමතරව දැඩි සුළං තත්වය හේතුවෙන් සුන්දරපුරම්, ඊච්චන්කුලම් හා නෙඩුන්කේනි ප්රදේශයේ තාවකාලික නිවාස කිහිපයකටද හානි සිදුව තිබෙනවා.
මාස කිහිපයක් තිස්සේ වවුනියාව ප්රදේශයට බලපෑ නියං සමය නිම කරමින් මෙලෙස එම ප්රදේශයට මහ වැසි ඇදවැටී ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article