ලොව පුරා කොරෝනා මරණ එක්ලක්ෂ අසූ හතර දහස ඉක්මවයි
Thursday, 23 April 2020 - 8:49 | Views - 843
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 184,021 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ආසාදිතයන් විසි හය ලක්ෂ 34,529 ක් බවයි.
මෙම පිරිස අතරින් සුවය ලබා ඇති සංඛ්‍යාව 717,287 ක්.
ඇමරිකාවේ පමණක් ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 2,321 ක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 47,639 ක් දක්වා ඉහළ ගියා.
ආසාදිතයන් සංඛ්‍යාව 848,115 ක්.
ස්පාඤ්ඤයේ මරණ 21,717 ක් වාර්තාවන අතර, ආසාදිතයන් දෙලක්ෂ 8,389 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉතාලියේ ආසාදිතයන් එක්ලක්ෂ 87,327 ක් වාර්තාවන අතර, මියගිය සංඛ්‍යාව 25,085 ක්.
මේ අතර සමස්ත ජනතාවට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ජර්මන් රජය තීරණය කර තිබෙනවා.
ඒ, එරට චාන්සලර් ඇන්ජර් මර්කල් කළ ඉල්ලීමකට අනුවයි. ජර්මනිය තුළද කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යන අතර, මේ වනවිට වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 50,648 ක්.
එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 5,315ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article