පකිස්තානු අගමැතිත් කොරෝනා පරීක්ෂණයකට
Thursday, 23 April 2020 - 8:10 | Views - 472
පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් දිනෙක පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු දානපතියකුට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව අනාවරණය වීමත් සමඟ එලෙස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ (22) පස්වරුවේ ලැබීමට නියමිතව තිබිණි.

පාකිස්තානයේ ෂාවුකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් එලෙස අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් අදාළ සාම්පල ලබාගෙන ඇත.

‘‘වගකීම් සහගත අග්‍රාමාත්‍යවරයකු ලෙස මෙන්ම වගකීම් සහගත පුරවැසියකු ලෙස මගේ උපදෙස් පිළිපදිමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයට යොමු වුණා’’ යැයි ෂාවුකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ෆයිසල් සුල්තාන් පැවැසීය.

වෛද්‍ය ෆයිසල් සුල්තාන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වේ.

මේ අතර පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන  (22) පස්වරු 6 වනවිට 9,749ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 209 දක්වා ඉහළ ගොස් තිබිණි.
 
 
ටයිම්ස් ඔෆ් ඉන්දියා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top