අවාසනාවකට යම් පිරිසකට තවම තේරෙන්නේ නැහැ මේ වෛරසයේ භයානකකම
Thursday, 23 April 2020 - 8:03 | Views - 985
රට නැවත සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි ආකාරය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ හැකිවන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව දක්වන ප්‍රතිචාරය අනුව බව සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඒ, හිරු ටී වී ඔස්සේ අද විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්.
එම වැඩසටහනට හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමද එක්ව සිටියා.
රජයේ උපදෙස් නොතකන පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කිරීමට සිදුවන බව මෙම සාකච්ඡාවට එක්වූ යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
Share This Article