සතියකට විතර පස්සේ මගේ බඩ පිපුණා- කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ පළමු ආසාදිත කාන්තාව හිරුට කියූ දේ
Thursday, 23 April 2020 - 7:57 | Views - 35,338

කොවිඩ් 19 නව ආසාදිතයින් 13 දෙනෙකු අද හමුවීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගියා.
අද වාර්තා වූ ආසාදිතයන් 11 දෙනෙකුම නිරෝධායනය සඳහා යොමු කර සිටි බේරුවල පදිංචිකරුවන් පිරිසක් වන අතර, අනෙක් ආසාදිතයා හඳුනාගැණුනේ පොළොන්නරුවෙන්.
අද වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 11 දෙනෙකු හුදකලා කෙරුණු බේරුවල පන්නිල ප්‍රදේශයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පිරිසක්.
අනෙක් ආසාදිතයා කොවිඩ් 19 ආසාදිතයැයි සැක සහිතව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.
අනෙක් ආසාදිතයා, ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද සදහන්.
පසුගිය 15 වනදා ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු ආසාදිතයා ඉන්දීය සංචාරයක නිරතව මෙරටට පැමිණි කාන්තාවක්.
ඇගේ ස්වාමිපුරුෂයාට සහ දරුවන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වුණා.
59 හැවිරිදි අදාළ කාන්තාව මේ වන විටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා.
ඇය හිරු ප්රවෘත්ති හා සම්බන්ධ වෙමින් රෝග ඉතිහාසය පිළිබඳ පැහැදිලි කළා.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන්ද විමසුවා.
මේ අතර, බණ්ඩාරනායක මාවත ප්‍ර දේශයට ගොස් පැමිණි කොටිකාවත්ත - මහබුද්ගමුව ප්‍ර දේශයේ පුද්ගලයෙකට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීමත් සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා මුලතිව් නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍ර දේශයේම එකම පවුලේ 7 දෙනෙකු අද දහවල් PCR පරීක්ෂණය සඳහා ජංගම සෞඛ්‍ය රථයක් වෙත යොමුකර තිබෙනවා.
පසුගියදා එම පවුලේ සිව්දෙනෙකු බණ්ඩාරනායක මාවතේ කොවිඩ් 19 ආසාදිතයෙකුගේ නිවසට ගොස් යළි පැමිණීම හේතුවෙන් ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
මේ අතර, පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් පසුගියදා හඳුනාගැණුනු ආසාදිතයා මසුන් මිලදී ගැනීමට පැමිණීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින් ඇතුළු 500 කගේ පමණ ජෛව පටල සාම්පල ලබා ගැනීම අද එම පරිශ්‍රයේදීම සිදුවුණා.
සාම්පල ලබා දීම සඳහා දීර්ඝ වේලාවක් පෝලිම් වල රැඳී සිටීමට සිදුවන බව පවසමින් පිරිසක් එහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්.
තත්ත්වය පාලනය කෙරුණේ පොලිසියේද මැදිහත් වීමෙන්.
මේ අතර, පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත එම මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු අසල්වාසීන් 11 දෙනෙකු ඊයේ PCR පරික්ෂාවට යොමු කෙරුණු අතර කිසිවෙකුටත් වෛරසය ආසාදිත නැතැයි අද තහවුරු වුණා.
අදාළ ආසාදිතයාට ඇඳිරිනීති බලපත්‍ර ලබාදීමට කටයුතු කළ පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, බොරලැස්ගමුව - රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයා පසුගිය 19 වැනිදා ප්‍රතිකාර ලබා ගෙන තිබූ තාවකාලිකව වසා දැමුණු පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 69 දෙනා ඊයේ PCR පරික්ෂාවට ලක් කළා.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය පැවසුවේ ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනයවී නොමැති බවයි.
එමආසාදිතයාගේ බිරිඳටද වෛරසය ආසාදනයවී නොමැති බව තහවුරුවී තිබෙනවා.
මේ අතර, ඊයේ සවස වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර එවා තිබෙනවා.
මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්ථානයේ සිට නේපාලයේ සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස නිරෝධායනය සඳහා දියතලාව සහ වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.
මේ අතර, ඉන්දියාවේ අම්රිට්සාර් සිට තවත් සිසුන් 101 දෙදෙනෙකු හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.
මේ අතර, MSC මැග්නිෆිකා නෞකාවේ සේවය කරමින් සිට කොළඹ වරායේදී මෙරට නාවික හමුදාව මැදිහත්වී දිවයිනට භාරගැණුනු ශ්‍රී ලාංකික සුපවේදියා සිය නිරෝධායන කාලය අවසන් කර නිවස වෙත පැමිණ තිබෙනවා.
මේ අතර, අකුරණ ප්‍ර දේශයෙන් ආසාදිතයෙකු වාර්තාවීමත් සමග නිරෝධායනය සඳහා යොමුකර සිටි 114 දෙනෙකු නිරෝධායන කාලය අවසන් කර සිය නිවෙස්වෙත පැමිණියා.
පන්නිපිටිය හේනවත්ත ප්‍රදේශයෙන් පසුගියදා වාර්තාවූ ආසාදිතයෙකු සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයින් 45 දෙනෙකු සිය නිවෙස් වෙත පැමිණීමෙන් පසු යළි දින 14ක් ස්වයං නිරෝධායනයක් සඳහා යොමුකෙරුණු බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහන් කළා.
මෙරටින් පළමු ආසාදිතයා හමුවීමේ සිට මේ දක්වා ගතවූ දින 43ක කාලය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 321 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
තවත් රෝගීන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා වැලිකන්ද මූලික රෝහලෙන් පිටව යාමත් සමග කොවිඩ් 19 ආසාදිතව සුවය ලැබූ සම්පූර්ණ ගණන 104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෛරසය ආසාදිත රෝහල් 5ක ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 210 ක්.
කොවිඩ් 19 පාලනය සඳහා තවදුරටත් ගතයුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පිහිටවූ විශේෂ කාර්යසාධන සමාලෝචන රැස්වීම අද පැවැත්වුණා.
නව රෝගීන් හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මක පරීක්ෂණ ක්‍රම හා ඒවායේ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග වෛරස ව්‍යාප්තිය පාලනය, වෛද්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ රෝහල් සත්කාර සේවා කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම වැනි කරුණු කෙරෙහි එහිදී අවදානය යොමුව තිබෙනවා.
Share This Article