ඉන්දියාවේ සිට සිසුන් 101 දෙනෙකු අද දිවයිනට
Thursday, 23 April 2020 - 7:49 | Views - 774

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ගුවන් තොටුපල වසා දැමීමෙන් පසු විදේශවල සිරව සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ තවත් 101 දෙනෙකු අද ඉන්දියාවේ අම්රිට්සාර් සිට දිවයිනට පැමිණීමට නියමිතයි.
පෙරේදාද පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චියේ සිට සිසුන් 106 දෙනෙකු දිවයිනට පැමිණි අතර, ඔවුන් නිරෝධායන කටයුතු සඳහා දියතලාව සහ වයික්කාල යන ප්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලය තුළ අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.
යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 26 ක, 2,690 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
මේ අතර දිවයින පුරා නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා 217 ක සේවක සේවිකාවන් 30,269ක් මේ වනවිට සේවයේ නිරත බව කාර්මික සංවර්ධන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.
ඒ අනුව කටුනායක - නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලා 48 ක්, බියගම නිදහස් වෙළඳ කලාපයේ 35ක්, සීතාවකපුර කර්මාන්තපුරයේ ආයතන 18 ක් සහ කොග්ගල කර්මාන්තපුරයේ කර්මාන්තශාලා 19 ක් ඇතුලූ කර්මාන්තශාලා ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.
මෙම සෑම කර්මාන්තශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
Share This Article