පොළොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා කෙරේ
Thursday, 23 April 2020 - 7:05 | Views - 1,967

කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආසාදිතයා වාර්තා වූ ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ගම්මාන 12 ක් හුදකලා කර ආසාදිතයා සමග සෘජු සබඳතා පැවැත්වූ පවුල් 11ක පුද්ගලයින් 43 දෙනෙක් පනිච්චන්කර්නි සහ මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 11 දෙනෙකුම බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පොලොන්නරුව - පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.
මොහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ලෙසයි සැලකෙන්නේ.
මේ සමඟම ඔහු සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙබළුන් හඳුනා ගැනීමට නාවික හමුදාව මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව 115ක්.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතෙන් වන අතර, එම සංඛ්‍යාව 62ක්.
Share This Article