වත්මන් රජය බඳවාගත් සියලු උපාධිධාරීන්ට 20000 දීමනාව කඩිනමින් ගෙවා අවසන් කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
Wednesday, 22 April 2020 - 19:23 | Views - 2,892
වත්මන් රජය බඳවා ගනු ලබූ උපාධිදාරීන් සියලු දෙනාට රුපියල් 20000ක දීමනාව කඩිනමින් ගෙවා අවසන් කලයුතු බව කැබිනට් මණ්ඩලය අද (22) තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණා.
එහිදීයි ජනාධිපතිවරයා විසින් මෙම තීරණය අමත්‍යය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ.
රජය බඳවාගනු ලැබු උපාධිදාරීන් අතරින් කොටසකට පමණක් මෙම 20000 ක දීමනාව හිමිවන බවට පසුගිය දිනවල් තොරතුරු වාර්තා වුනා.
පත්වීම් ලිපි ලැබී ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්ථා කර ඇති සියලු දෙනා වෙත 20000 දිමනාව නිසි පරිදි ගෙවියතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
මිට අමතරව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු කලාකරුවන් වෙත ඉතා කඩිනමින් සහණ ණය මුදලක් ලබදීම කෙරෙහි ද කැබිනට් මණ්ඩලයේ අවදානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article