ඇඳිරි නීතිය ලිහිල් කළත් උවදුර තවමත් පහව ගොස් නැහැ
Wednesday, 22 April 2020 - 19:21 | Views - 4,084
ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළද කොරෝනා වෛරස් උවදුර තවමත් පහව ගොස් නොමැති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 137 දෙනෙකු අද පෙරවරු හයේ සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 35,458ක්.

පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 9,061 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති කර්මාන්තශාලා යළි ආරම්භ කිරීමට හා සේවක සුරක්ෂිතතාව ආරක්ෂා කරමින් කටයුතු කිරීමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර යළි ආරම්භ කිරීම, ඒවායේ අඛන්ඩ පැවැත්ම, සේවකයන්ගේ රැකියා දිගටම පවත්වාගෙන යාම සහ සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

එසේම ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බස් රථ ධාවනය, අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අදාල ප්‍රදේශවල සෞඛ්‍ය නිර්දේශයන්ද නොතකා මගීන් බස් රථවල ගමන් කිරීමට පෙළඹීම හේතුවෙන්.

එමෙන්ම දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුකම ලබාගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් පමණක් දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කිරීමේ කටයුතු සූදානම් කිරීම සඳහා අදාළ පාර්ශවයන් නිශ්චිතව හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දුම්රියෙන් කොළඹට ගෙන්වාගැනීමට අත්‍යාවශ්‍යම සේවකයන්ගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය, දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ අංකය, සහ දුම්රියට පැමිණෙන සහ පිටවන කාලවේලාවන් දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතුයි.

0112 43 21 28, 0112 43 19 09 සහ 0112 44 64 90 යන ෆැක්ස් අංක වෙත [email protected]  ඊමේල් ලිපිනයද ඒ සඳහා භාවිත කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ්.

එසේම සෑම සතියකටම අදාළ නිශ්චිත තොරතුරු ඊට පෙර සතියේ බ්‍රහස්පතින්දා හෝ ඊට පෙර ලබාදිය යුතු බවත්, සේවයට ගෙන්වා ගත යුතු අත්‍යාවශ්‍යම හා අවම සංඛ්‍යාවක් දන්වා එවන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනවා.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල තැපෑල හරහා ලිපි බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ කළ අතර, තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ලිපි සියල්ල මේ වනවිට ප්‍රාදේශීය මට්ටමට යොමුකර ඇති බවයි.

ඇඳිරි නීතිය ක්‍රමයෙන් ලිහිල් කෙරෙන පසුබිම තුළ මේ වනවිට කතරගම පුදබිමට සැදැහැවතුන් පැමිණීමේ යම් වර්ධනයක් දක්නට ලැබුණත්, එහි පැමිණෙන බැතිමතුන් නැවත හරවා යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගන්නා බවයි කතරගම හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top