කොළඹ වතු නිවාස ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ
Wednesday, 22 April 2020 - 18:03 | Views - 749
කොළඹ නගරය අවට පවතින වතු නිවාස ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.
ඊයේ දිනයේ කොළඹ නගර සීමාවේ ඇතැම් ස්ථානවලින් රෝගීන් හමුවීමත් සමග කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමග සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.
Share This Article