මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322දක්වා ඉහලට
Wednesday, 22 April 2020 - 17:36 | Views - 817
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් අයෙකු වෛරස් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි.
එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.
අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කළ රෝගීන් 12 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ එම රෝගීන්ගෙන් 11 දෙනෙකුම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි.
මෙරටින් වාර්තාවන ආසාදිතයන්ගෙන් 104 දෙනෙකු ප්රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේවන විට පුද්ගලයන් 210 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගොස් ඇති සංඛ්‍යාව 7ක්.
Share This Article