ප්‍රදේශ කිහිපයකට ප්‍රභල අකුණු සමග වැසි
Wednesday, 22 April 2020 - 17:30 | Views - 534

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ජනතාවට දැනුම්දෙනවා.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතු අතර බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසටයි දැනුම් දෙන්නේ.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවයි.
එබැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාවක් ද පවතිනවා.
මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය තවදුරටත් සක්‍රියව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දෙන්නේ.
Share This Article