නෙදර්ලන්තයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මුදල් තෑගි
Wednesday, 22 April 2020 - 17:23 | Views - 910
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා කැපවී ක්‍රියාකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට මුදල් තෑගි පිරිනැමීමට නෙදර්ලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම මුදල් ත්‍යාග පිරිනැමීම සිදුවන ආකාරය පිළිබඳ එරට බලධාරින් ඉදිරියේදී පැහැදිළි කරනු ඇති බවයි.
මේ අතර මේ වනවිට සමස්ත ආසාදිතයන් 57,999ක් වාර්තාවී ඇති රුසියාවේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 5,236ක් වාර්තාවී තිබෙනවා.
එරට වෛරස් ආසාදිතයන් 513 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.
මාලදිවයිනෙන්ද අද නව ආසාදිතයන් 50 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට මුළු කොරෝනා ආසාදිතයන් 5,532 දක්වා ඉහළ යන්නේ මරණ 93ක් ද සමඟින්.
Share This Article