ජා-ඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි
Wednesday, 22 April 2020 - 16:37 | Views - 865
ජා-ඇල - සී.ටී.බී. හන්දිය ආසන්නයේ පිහිටි අඩි 60 පාරේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අද අලූයම මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article