අඩු වයසේ පෙම්වතිය කැන්දන් යන්න නොදුන්නාට නැන්දම්මාට අත්වූ ඉරණම
Wednesday, 22 April 2020 - 16:25 | Views - 545
සිය දියණිය රැගෙන යෑමට පෙම්වතාට අවස්ථාව නොදුන්නා යැයි පවසා තරුණයකු විසින් පොල්ලකින් පහරදී බරපතළ තුවාල ලබා ඇතැයි කියන කාන්තාවක් පෙරේදා (20දා) සවස කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
 
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල පොලිස් වසමේ වතුර, අලපලාවල, නිලපලාගම්මන ජනපදයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ ස්වාමි පුරුෂයා මියගොස් ඇති අතර ඇය සිය වයෝවෘද්ධ මව, පිරිමි දරුවා හා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාව සමඟ නිවසේ පදිංචිව සිටියි.
 
මෙම කාන්තාවගේ 17 හැවිරිදි දියණිය කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන අතර ඇය ගිය දෙසැම්බර් මස පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට දැනට නිවසේ පසුවෙමින් ඇති බවත් පොලිසිය කියයි.
 
මෙම පාසල් ශිෂ්‍යාව මාස කිහිපයක සිට කෑගල්ල, දීවෙල, කන්දමුල්ල ප්‍රදේශයේ පදිංචි එම විද්‍යාලයේම ඉහළ පන්තියක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු සමඟ සම්බන්ධතාවක්ද ඇතිකරගෙන ඇති බවද පොලිසිය කියයි.
 
මෙම සම්බන්ධතාව සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යාවගේ මව මීට මාස කිහිපයකට ඉහත දී සිය දියණියට අවවාද කර ප්‍රකාශ කර ඇත්තේ නියමිත වයස පැමිණෙනතුරු රැඳී සිටින ලෙසත් එතෙක් අධ්‍යාපන කටයුතු දිගටම පවත්වාගෙන යන ලෙසත් දන්වා ඇති බවත් පොලිසිය කියයි. පසුව පාසල් ශිෂ්‍යාව පවත්වාගෙන ගියා යැයි කියන ප්‍රේම සම්බන්ධතාවය තාවකාලිකව නතර කර තිබූ බව මව විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදුන් බවද පොලිසිය කියයි.
 
පෙරේදා 20 වැනිදා දහවල් තරුණයා යතුරුපැදියකින් පාසල් ශිෂ්‍යාවගේ නිවෙසට තනිවම ගොස් සිය පාසල් පෙම්වතිය මවගෙන් බලහත්කාරයෙන් රැගෙන යෑමට ගිය අවස්ථාවේදී මව ඊට හරස් වී තරුණයාට දියණිය රැගෙන යෑමට අවස්ථාව ලබාදී නොතිබිණි. පසුව සිය පෙම්වතිය රැගෙන යෑමට අවස්ථාව නොදුන්නා යැයි පවසා තරුණයා නිවසේ මිදුලේ වැටී තිබුණු පොල්ලකින් පෙම්වතියගේ මවගේ හිසට පහර දී යතුරුපැදියෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
 
පසුව තුවාලකාරියගේ හිසේ රුධිරය ගලමින් සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට දියණිය විසින් ඇතුළත් කර ඇති බවත් තරුණයා විසින් පහරදීම තමන්ගේ වයෝවෘද්ධ මවත් 17 හැවිරිදි දියණියත් සියසින් දුටු බවත් තුවාලකාරිය පොලිසියට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
 
පහරදීමෙන් කාන්තාවගේ හිසේ පිටුපස තුවාලයට ප්‍රතිකාර කර ඇති බවත් වම් අතේ මාපටඟිල්ල සැත්කමකට භාජන කර ඇති බවත් පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ විසින් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත දන්වා ඇත.
 
දමුණුපොළ - චමින්ද ජයලත්
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top