කොරෝනා මර්දන කාර්ය සාධන සමාලෝචන කමිටුව අදත් රැස්වේ
Wednesday, 22 April 2020 - 16:15 | Views - 1,313
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව අදත් රැස්වුණා.

ඒ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී නව රෝගීන් හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ, ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ වෛද්‍ය උපකරණ ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ඇතුලූ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන් පරිපාලන සේවයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top